ඒ අතරම සහතිකලත් නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ හිඟයක් වර්ධනය වීම මෙම ක්ෂේත්රයේ ප්‍රදාන ගැටලුවකි. එම නිසා ජ්‍යෙෂ්ඨ නිලයන් වෙත ඉක්මන් උසස්වීම් සඳහා සැබෑ අපේක්ෂාවන් සමඟ, නැව් කර්මාන්තයට සම්බන්ධ වීමට මෙය කදිම කාලයකි.
ලෝකයේ දිගම බහාලුම් නෞකාව දැන් මීටර් 400ක් පමණ දිග වන අතර එය පාපන්දු පිටි හතරක දිගට සමාන වන අතර විශාලතම නෞකාවේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ධාරිතාව 20,000කට වඩා වැඩිය. ලොව විශාලතම ම්ගී ප්‍රවාහන නෞකාවේ දිග මීටර් 360 ඉක්මවන අතර මගීන් 6,500 කට වඩා රැගෙන යා හැකිය.
නැව් දවසේ පැය 24 පුරාම, සතියේ දින හතේම ක්‍රියාත්මක වන අතර, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු නිවාඩු හිමි වේ.තාක්ෂණික නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය බොහෝ විට සෑම දිනකම කාල රාමුවකට වැඩ කරන අතර, සාමාන්‍යයෙන් පැය හතරක සහ පැය අටක වැඩ මුර රටාවකින් යුක්තය, නමුත් බොහෝ මගී ප්‍රවාහන නැව්කාවල මෙහෙයුම් හා ඒ ඒ පුද්ගලයින්ගේ වැඩ කරන වේලාවන් ඔවුන්ගේ අමුත්තන්ගේ දින චර්යාව මත රඳා පවතී.
මුහුදේ ජීවන රටාව එක් එක් නෞකාවේ වර්ගය සහ වෙළඳ රටාව මත රඳා පවතින නමුත් මෙහි වාසිය වන්නේ බොහෝ විට විවිධ රටවලට සංචාරය කිරීඉම සඳහා විශාල අවස්ථාවන් තිබේ.සාර්ථක නෞකා නිලධාරියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට වෘත්තියේ ඉල්ලීම් සමඟ කටයුතු කිරීම සඳහා විශේෂිත පෞද්ගලික ගුණාංග අවශ්‍යය වේ.එනම් ඔවුන් මාස කිහිපයක් නිවසින් බැහැරව, අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ සමීපව වාසය කරනු ඇති අතර එබැවින් නැවෙහි සිටින අන් අය කෙරෙහි ඉවසීමෙන් කටයුතු කරන අතරම වෙන්වීමේ ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව අත්‍යවශ්‍ය වේ. තරුණ නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට වෙනත් බොහෝ වෘත්තීන්හි සමාන වයසකදී අපේක්ෂා කරනවාට වඩා ඉහළ මට්ටමේ වගකීමක් භාර ගැනීමට හැකි විය යුතු අතර බොහෝ විට දුෂ්කර තත්වයන් යටතේ අන් අයගේ වැඩ මෙහෙයවීමට අවශ්‍ය නායකත්ව ගුණාංග තිබිය යුතුය. තරඟකාරී නවීන කර්මාන්තයක් වන වානිජ නැව් කර්මාන්තය විසින් ඉල්ලා සිටින වාණිජමය දැනුවත්භාවය සහ කළමනාකරණ කුසලතා මෙන්ම ස්වයං විශ්වාසය, ස්වයං විනය, මුලපිරීම සහ කණ්ඩායමක කොටසක් ලෙස වැඩ කිරීමේ හැකියාව ද මෙහිදී ඉතා වැදගත් වේ.
තවත් මෙවන් ලිපියකින් හමුවෙමු,,
@POSEIDON