සබ්මැරීනයක් යනු දිය යට ස්වාධීනව ක්‍රියා කළ හැකි ජල යානයකි. එය ගිල්විය හැකි ඇති අතර සබ්මැරීන යාත්‍රා විශාලත්වය අනුව වර්ගීකරණය කල හැකි අතරම තාක්ශණය අනුවද වෙන් කල හැකිය.
පර්යේෂණාත්මක සබ්මැරීන මීට පෙර ඉදිකර තිබුණද,සාගරික සබ්මැරීන නිර්මාණය 19 වන සියවසේදී ආරම්භ වූ අතර වර්ථමානයේ ඒවා නාවික හමුදා කිහිපයක් විසින් විවිද කටයුතු සදහා කරයි. පළමු ලෝක යුද්ධ සමයේදී (1914-1918) ඒවා ප්‍රථමයෙන් බහුලව භාවිතා වූ අතර වර්තමානයේ විශාල බොහෝ නාවික හමුදා වල මෙම යාත්‍රාව සුලබව භාවිතා වේ.
ආරක්ෂක කටයුතු පිලිබද සැලකීමේදී
නැව් (වෙළඳ සහ හමුදා) හෝ වෙනත් සබ්මැරීනවලට පහර දීම,විශේෂිත වූ ගුවන් යානා වාහක ආරක්ෂාව, අවහිර කිරීම් ධාවන කටයුතු, න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීම, ඔත්තු බැලීම,ගොඩබිම් පිහිටි සතුරු ඉලක්ක වෙත ප්‍රහාරය එල්ල කිරීම (උදාහරණයක් ලෙස, කෲස් මිසයිලයක් භාවිතා කිරීම) සහ විශේෂ බලකායන් රහසිගතව සතුරු ඉලක්ක වලට ඇතුළු කිරීමට නාවුක හමුදාවන් විසින් මෙම සබ්මැරීන යාත්‍රා භාවිත කරයි.
සිවිල් කටයුතු පිලිබද සැලකීමේදී සමුද්‍ර විද්‍යාව, ගවේෂණය,පහසුකම් පරීක්ෂා කිරීම සහ නඩත්තු කිරීම ඇතුළත් වේ.
සුලබ වශයෙන් සබ්මැරීන සෙවීම්-සහ-ගලවා ගැනීමේ මෙහෙයුම් සහ මුහුද යට කේබල් අලුත්වැඩියාව වැනි විශේෂිත කාර්යයන් සදහා බහුලව යොදා ගනී. වර්ථමානයේ සංචාරක හා මුහුදු යට පුරාවිද්‍යා සෙවීම් කටයුතු සදහා භාවිතා වේ.
සබ්මැරීන් එන්ජින් පිළිබඳ කතා කිරීමේදී ප්‍රචාලනය(Propulsion) සඳහා අභ්‍යන්තර දහන එන්ජින්(Internal Ignition Engine)භාවිතා කරන ලද පළමු එක්සත් ජනපද සබ්මැරීනය ෆිලඩෙල්ෆියා හි ඔටෝ සමාගම(Auto Company )විසින් නිෂ්පාදනය කරන ලදි. එය අශ්වබල(Horse Power) 45, 2-සිලින්ඩර, 4-පහර චක්‍ර(2 cylinder-4 stroke cycle) එන්ජිමක් මගින් බලගන්වන ලදී.
මුළු සබ්මැරීන් යාත්‍රා සංඛ්‍යාව ඉහළම සිට පහළම දක්වා ශ්‍රේණිගත කොට ඊට අදාල රටවල් මෙසේය
#01 >> චීනය - 78 submarines
#02 >> රුසියාව - 70 submarines
#03 >> ඇමරිකාව - 68 submarines
#04 >> උතුරු කොරියාව - 35 submarines
#05 >> දකුණු කොරියාව - 22 submarines
ඔබගේ අදහස පහලින් comment කරන්න